brand logo

මානසික උදව් අවශ්‍ය පුද්ගලයන්ට බෞද්ධ මහා සම්මේලනයෙන් පිහිට

18 April 2020

කොරෝනා (කොවිඩ්-19) වසංගතය මුළු මහත් ලෝකයටම තර්ජනයක්ව ඇති අවධියක මෙම ව්‍යසනකාරී අවස්ථාවේ දී පීඩාවට පත් වී සිටින හා මානසික උදව් අවශ්‍ය පුද්ගලයින් සඳහා ඔවුන්ගේ මානසික ගැටලු, ප්‍රශ්න හා රෝගී තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සැලසුම් කර ඇත. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර හා සංවර්ධනය යන උපදේශනයේ ප්‍රධාන ධාරාවන් ඔස්සේ සහාය දැක්වීමට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධිධාරී වෘත්තීය උපදේශන සේවා සංගමයේ සාමාජිකයින් 500කට වඩා සාමාජිකත්වය දරන පශ්චාත් උපාධිධාරීන් පමණක් සිටින එම සංවිධානයේ පූර්ණ මෙහෙයවීමෙන් මෙම සේවාව දුරකථන මාර්ගය හා අන්තර්ජාලය හරහා සිදු කිරීමට කටයුතු කරගෙන යනු ලබන අතර ඩයලොග් ආසියාටා සමාගම සංනිවේදන දායකත්වය දක්වනු ලබයි. ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයන් වන දෙරණ රූපවාහිනිය මෙම අවස්ථාවේදී ද පුරෝගාමීව මෙම සත්කාරයට දායකත්වය ලබා දෙයි.    
 

More News..