brand logo

මානසික ආතතිය හිසරදය සහ ඇසේ බොද ගතියට හේතුවක්

17 February 2020

හිසරදය සහිත ඇසේ බොද ගතිය හේතුවෙන් පෙනීමේ අපහසුතාවන්ගෙන් යුතු දරුවන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිකාර සදහා ජාතික අක්ෂි රෝහලවෙත පැමිණෙන බව අක්ෂි තාක්ෂණවේදී චමින් රත්නායක මහතා සදහන් කරයි සාමාන්‍යපෙළල උසස්පෙළ හා ශිෂ්‍යත්ව විභාග සදහා පෙනී සිටින දරුවන් වැඩිදෙනෙකු මෙසේ ප්‍රතිකාර සදහා පැමිණෙන බව හෙතෙම අවදාරණය කරයි බොහෝ වේලාවක් ඇස ආසන්නයේම පොත තබාගෙන පාඩම් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවන බව ඔහු පෙන්වාදේ පැය භාගයක පමණ වේලාවක් ඇස ආසන්නයේ පොත තබාගෙන පාඩම් කිරීමෙන් පසු විනාඩි පහක කාලයක් හෝ ඇස පොතෙන් ඉවත් කර නිදහස් කර ගත යුතුයැයිද එවිට ඇසේ මාංශපේශී ලිහිල් වී ඇතිවන අපහසුව මගහැරෙනු ඇතැයිද හෙතෙම පෙන්වාදේ කෙසේ නමුත් දරුවන් එක දිගට පොත්පත් පාඩම් නොකර පැය භායගයකට වරක් හෝ ඇස් නිදහස් කිරිමට වගබලා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයැයිද එසේ නොවුණ හොත් හිසරදයල ඇස්වල බොදගතියල කදුළු ගැලීමල ඇස් රතුවීමල වේදනාව වැනි ලක්ෂණ මතුවන බව රත්නායක මහතා අවදාරණය කරයි පවතින තරග විභාග හමුවේ දරුවන්ගේ මානසික ආතතිය ඉහළ යාම මෙවැනි රෝග තත්ත්වයන් මතුවීමට හේතුවක් වී ඇතැයිද අක්ෂි විශේෂඥවරුන් පෙන්වා දී ඇතැයිද පැවසේ ශ්‍රියානි විජේසිංහ
 

More News..