brand logo

මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2000ක්

21 September 2020

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිළි දෙදහසකට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වනවා. මේ වසර ආරම්භයේ සිට පැමිණිළි 2074 ක් ලැබී තිබෙනවා. ඒවායේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව එම කොමිසම සඳහන් කර සිටිනවා. එම පැමිණීලි සම්බන්ධව පසු විපරම් කටයුතු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකරනු ඇති. තවද කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ අනුව අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීම් සිදුකර අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන්කර සිටිනවා.
 

More News..