brand logo

මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය‍ට සහභාගිවීමට මෙරට නියෝජිතයින් ජිනීවා යයි

18 March 2019

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය‍ සහභාගී වන මෙරට නියෝජිත පිරිස අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් ය. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව ලබන 20 වැනිදා සලකා බැලීමට නියමිත අතර ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය දක්වා ඇති ඊට අදාළ යෝජනා සම්මතය ලබන 21 වැනිදා දින සලකා බැලීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
 

More News..