brand logo

මාධ්‍ය අරුණ ණය යෝජනා ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඇමති රුවන් අවලංගු කරයි

19 September 2019

ජන මාධ්‍ය අමාත්‍යංශය විසින් මාධ්‍යවේදීන් වෙත මෙම මස 20වනදා ලබාදීමට නියමිතව තිබූ ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය විෂය භාර රජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාට පැමිණීමට නොහැකි බැවින් අවලංගු කරන ලෙස දන්වා ඇත. මෙහි සම්මුඛ පරික්ෂණ මීට මාස දෙකකට පෙර පවත්වා මාධ්‍යවේදීන් 250කට අධික සංඛ්‍යාවක් තොරාගෙන ඇත. එම මාධ්‍යවේදීන්ට මෙම මස 20 වැනිදා පෙරවරු 10 පැවැත්වෙන එම ලිපි ප්‍රදානය කිරීමට සහභාගි වෙන ලෙස දන්වා ඇති අතර අමාත්‍යාංශ නිලධාරීන් විසින් ණය යෝජනා ක්‍රමයට තෝරාගත් මාධ්‍යවේදීන්ට දුරකතන ඇමැතුම් ලබා‍දෙමින් අවලංගු කිරීම දැනුම් දී අතර ඇතැම් මාධ්‍යවේදීන්ට මේ වන විටත් ඒ පිළිබඳව දැනුම් දී නැත. ඇමැතිවරයා විදෙස් ගත වන හෙයින් අවලංගු කරන ලෙස දන්වා තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඇති තිබෙන ගැටුම්කාරී තත්ත්වය නිසා එයට විරෝ්දය පෑමක් ලෙස මෙය අවලංගු කිරීමට කටයුතු යොදා ඇති බවට මාධ්‍ය කේෂ්ත්‍රයේ කතා බහට ලක්වෙයි.
 

More News..