brand logo

මාධ්‍යවේදියෙකුට පහරදුන් මංජුල පෙරේරා අත්අඩංගුවට

19 December 2019

මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා අද (19) කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධිකරණයට අද(19) ඉදිරිපත් කළ අවස්ථාවේදී මාධ්‍යෙව්දියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මෙම පහරදීමේ සිද්ධිය වූ බවට ජායාරූප මාධ්‍යවේදීයෙකු විසින් කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 

More News..