brand logo

මාධ්‍යට කොරෝනා තොරතුරු වාරණයක්

15 October 2020

මාධ්‍යට කොවිඩ් තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාදෙන විට එය සිදුවිය යුත්තේ ඊට අදාළ බලයලත් අංශ හරහා පමණක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය සේවකයින් වෙත දන්වා සිටී. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ රෝහල්වල අධ්‍යක්ෂවරු සහ අධිකාරිවරු වෙත වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් යවා ඇති ලිපියෙහි මේ බව දැක්වෙයි. යම් රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට ගිය පසු ඒ පිළිබඳ තොරතුරු රෝගීන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වට බලපෑම් එල්ල වියහැකි බැවින් මාධ්‍ය වෙත හඬපට, ජායාරූප ලෙස හෝ වීඩියෝ ලෙස නිකුත් නොකළ යුතුබව දන්වයි. රෝහල් සේවකයෙක් හෝ ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවකයෙක් කොවිඩ් රෝගියෙකුගේ හෝ ආශ්‍රිතයෙක්ගේ නිවෙස්වලට යන්නේ නම් එවැනි අවස්ථා ආවරණය කිරීම මාධ්‍යට ඉඩනොදිය යුතු බවද එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙයි. අමාත්‍යාංශ ලේකම්ගේ ලිඛිත අනුමැතියකින් තොරව නිල තොරතුරු හෝ තම මතය මාධ්‍යට හෝ ජනතාව වෙත නිකුත් කිරීම රජයේ නිලධාරීන්ට තහනම් බවද එම ලිපියෙහි සඳහන් වෙයි.
 

More News..