brand logo

මාදම්පේ ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි

16 May 2019

මාදම්පේ - මරම්බැටේ ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී හමුවූ මිනිස් ඇට කටු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ශානක උදයංග මහතා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය. පසුගිය 15 වැනිදා සවස මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් මෙම ඇට කටු සොයා ගෙන තිබුණි. පොහොර උරයක බහා තිබූ ඇට කටු තොගයේ හිස් කබල සහ අනෙකුත් අස්ථි කොටස් පැහැදිලිවම දක්නට තිබුණි.කිසියම් අයෙකු විසින් මෙම ඇට කටු පොහොර උරයේ බහා ඇල මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.කබරයින් හෝ වෙනත් සතුන් විසින් පොහොර උරය ඉරා දැමීම හේතුවෙන් ඒවා පිටතට පැමිණ ඇත.එම ඇල මාර්ගය අසලට පැමිණි අයෙකු විසින් පොලීසියට මේ බව දැණුම් දී ඇත. හලාවත අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරීඑච්.එම්.ඩබ්ලිව්.කුමාර මහතා ඇට කටු තිබූ ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි. අනතුරුව ඇට කටු සහ ඒවා බහා තිබූ පොහොර උරය පරීක්ෂණ කටයුතු සදහා හලාවත මහා රෝහල වෙත රැගෙන යන ලදි. ජුඩ් සමන්ත
 

More News..