brand logo

මාතලේ 34කට කොවිඩ්

16 November 2020

මාතලේ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයන් ගණන 34 දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කරුණාසිරි පෙරේරා සඳහන් කළේය. මෙම ආසාදිතයන් අතරින් වැඩිම රෝගීන් පිරිසක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර සෙසු රෝගීන් උකුවෙල, රත්තොට, නාඋල, පල්ලෙපොළ, යටවත්ත, මහවෙල ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. එසේම මේ දක්වා මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 270ක පුද්ගලයන් හත්සීයකට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් ඒ අතරින් පුද්ගලයන් 499 දෙනෙකු පමණක් සෞඛ්‍යාංශවල නිරීක්ෂණය යටතේ තවමත් නිරෝධායනය වෙමින් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ලක්ෂික සංදීප ආරියදාස - දඹුල්ල
 

More News..