brand logo

මාතර - බෙලිඅත්ත අතර පළමු දුම්රිය අද ධාවනය කෙරේ

06 January 2019

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීමේ පළමු අදියර ලෙස වැඩ කටයුතු අවසන් වූ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේයි. ඒ අනුව අද පෙරවරුවේ අභිනවයෙන් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් සිදු වන්නේ අදියර තුනක් යටතේයි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26 ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48 ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන අතර තෙවැනි අදියර කිලෝමීටර් 39 ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම ද දක්වා වනවා. ලංකාවේ දිගම දුම්රිය උමග ද පිහිටා ඇත්තේ මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ද වනවා. එම උමගෙහි දිග ප්‍රමාණය මීටර් 615ක් වනවා. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපොළ ආසන්නය දක්වා පිහිටි එම උමග දිවයනවා. මීට පෙර ලංකාවේ දිගම දුම්රිය උමග වූයේ සිංගිමලේ උමගයි.
 

More News..