brand logo

මාතර බෙලිඅත්ත අතර නව දුම්රිය මාර්ගය අද විවෘත කෙරේ

08 April 2019

මාතර බෙලිඅත්ත අතර නව දුම්රිය මාර්ගය අද(08) විවෘත කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී මෙම මාර්ගය විවෘත කිරිමෙන් අනතුරුව මාතර සිට බෙලිඅත්ත දක්වා මගීන්ට දුම්රියෙන් ගමන් කළ හැකි වනු ඇති අතර මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි 20ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බෙලිඅත්ත දුම්රිය ස්ථායෙන් දුම්රිය 7 ක් ගමන් ආරම්භ කිරිමට නියමිත අතර ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වා ද දුම්රිය 4 ක් මරදාන දක්වා අනෙක් දුම්රිය දෙක යාපනය සහ වව්නියාව දක්වා ද ධාවනය කරනු ලැබේ. අද විවෘත වන දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 ක් හා දෙවැනි පන්ති ගාස්තුව රුපියල් 70ක් වන අතර තුන්වැනි පන්ති ගාස්තුව රුපියල් 35ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..