brand logo

මාතර බන්ධනාගාරයේ 27කට කොරෝනා

22 February 2021

මාතර බන්ධනාගාරයේ 27දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත. පසුගිය 16 වැනිදා බන්ධනාගාරයේ රැදවියන් සහ නිලධාරීන් 53දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ලද ප්‍රතිඵල වලට අනුව ඒ බව තහවුරු වී තිබේ. එලෙස කොවිඩ් ආසාදිත බවට තහවුරු කර ගත් පිරිසක් ඊයේ (21) රාත්‍රීයේදීම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
 

More News..