brand logo

මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

15 July 2020

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා(19) දිනයේ ජල සැපයුම පැය 9 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මාතර - මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි. ඉරිදා දින උදෑසන 8 සිට පස්වරු 5 දක්වා දියගහ, කැකණදුර, වෙහෙරහේන, කෝට්ටගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
 

More News..