brand logo

කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ

14 August 2019

රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් පොලිස් මුලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ. රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා මාගල්කන්දේ සුදත්ත හිමියන් පසුගියදා පොලිස් මුලස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යොදවා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
 

More News..