brand logo

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට

28 February 2019

ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද(26) යළි ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගියදා ඩුබායි හි හෝටලයක පැවැති සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනිමේ චෝදනාව මත මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පිරිස මේ වන විට ඩුබායි හි බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් අද දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා හා මුත්‍රා සාම්පල වාර්තා තවමත් ලැබී නොමැති බව මෙම පිරිසත් සමග අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින පවුලේ නීතිඥ ශාබ්ධික වෙල්ලපීලි මහතා සඳහන් කළා. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා තමන් ලබන දෙවැනිදා ඩුබායි බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව ද ශාබ්ධික වෙල්ලපීලි මහතා වැඩිදුරටත් සඳහන් කළා.
 

More News..