brand logo

මළගෙදර ගිය පහකටත් කොවිඩ්

06 October 2020

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් 05දෙනෙකු හදුනාගෙන ඇතිබව බවට තොරතුරු වාර්තා වේ. මොවුන් සියලුදෙනා මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවයේ නියුත් සේවිකාවන් වන අතර, මොවුන් සියලුදෙනා පසුගිය 27 වැනිදින ගම්පහ මිරිස්වත්ත මැදවත්ත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී තිබේ. ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් හත්දෙනෙකු එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඇති අතර, පසුගිය 4වැනිදා සිදුළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඉන් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන ඇත. ඒ අනුව මෙම සේවිකාවන් පිරිස මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය 27 වැනි දින පැවැති එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූවන්ට සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. අවමංගල්‍ය උත්සවය පැවැති මැදවත්ත ප්‍රදේශයේ අදාළ නිවස සහ ඒ අවට නිවාස ද විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබේ.
 

More News..