brand logo

මහ වැස්සෙන් උතුරේ 5000ක් අවතැන්

22 December 2018

පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන විට පුද්ගලයින් 5775 දෙනෙකු අවතැන් වී ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ. පවතින වර්ෂාවත් සමග මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතු ද ඇණහිට තිබෙනවා. මේ අතර රණමඩු ජලාශයේ වාන් දොරටු 14ක් , මුත්තයින්කුට්ටිකුලම් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 02 බැගින් විවෘත කර තිබෙනවා. පවතින අධික වර්ෂාපතනයත් සමඟ අති වී ඇති ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මුලතිව් - ත්‍රීකුණාමල, මුලතිව් - අනුරාධපුර සහ පුත්තලම - මන්නාරම පරණ මාර්ගය ඇතුළු මාර්ග වල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවට තොරතුරු වර්තා වනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ, නාවික සෙබළුන් 100කට ආසන්න පිරිසක් කණ්ඩායම් 9 ක් ලෙස යොදවා ඇති බවයි. මේ අතර උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.
 

More News..