brand logo

මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

15 June 2021

පළාත් සභා මගින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් රෝහල් මෙසේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පැවරීමට තීරණ කර ඇත. කොළඹ ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර , ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබා දෙමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරා ගත් එක් රෝහලක් වැඩිදියුණු කිරීමේ සැලසුම යටතේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසිනි.
 

More News..