brand logo

මහ මැතිවරණය ජනවාරි 05

10 November 2018

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරා පත් කරගැනීම 2019 වසරේ ජනවාරි මස 05 වැනි දිනට සිදුකිරීමට ජනපතිවරයා විසින් නියම කර ඇති බවට එම නිවේදනයේ සදහන් වනවා. අදාළ ඡන්ද විමසීම සඳහා තේරීම් බාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර බාරගත යුතු කාලය ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව 2018 වසරේ නොවැම්බර් මස 19 වැනි දින සිට 2018 වසරේ නොවැම්බර් මස 26 වැනි දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා පත්‍ර භාරගැනීමේ කාලය ලෙස නියම කර ඇති තිබෙනවා. අභිනව නව පාර්ලිමේන්තුව 2019 වසරේ ජනවාරි මස 17 වැනි දින රැස්වීමට මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබෙනවා.
 

More News..