brand logo

මහ මැතිවරණයේදීත් එජාපයට පරාජය ස්ථීරයි

10 December 2019

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ සමග සිටි දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ සහ කඳුකරයේ පක්ෂ තනිව තරග වැදීමට නියමත බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ගණනය කළහොත් එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි උපරිම ආසන ප්‍රමාණය 98ක් හෝ 99ක් පමණක් වේ. ඒ දෙමළ සන්ධානය හා දෙමළ, මුස්ලිම් පක්ෂද එක්ව සමගය. ජනතා විමුක්ති පෙරමුණට ආසන තුනක් ජනාධිපති ප්‍රතිඵල අනුව හිමිවිය හැක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ආසන 128ක් පමණ ලබාගැනීමට වැඩි ඉඩකඩක් තිබේ. කෙසේ වෙතත් පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එජාපය මහ මැතිවරණයේදී ආසන 106ක් පමණ ලබාගත හැකි බවයි.
 

More News..