brand logo

මහ මැතිවරණයට යන වියදම කලින්ම එළියට එයි

13 February 2020

ජනාධිපතිවරණයට සාපේක්ෂව මහ මැතිවරණයේදී මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරිමට සිදුවනු ඇති බව රජයේ මුද්‍රණාලාධීපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසයි. අරුණ කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී දිවයිනටම එක් ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කළ ද මහ මැතිවරණයකදී දිවයිනේ සියලුම දිස්ත්‍රික් වෙනුවෙන් වෙන් වෙන් වශයේන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බවයි. පසුගිය ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මෙතෙක් ලැබී නොමැති බව ද ගාංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ. කෙසේවෙතත් අදාල මුදල් ඉදිරියේදී මැතිවරණ කොමිසම විසින් මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබා දෙනු ඇති බවයි ඇය ප්‍රකාශ කළේ. පසුගිය ජනාධිපතිවරණයට රුපියල් කෝටි 450 ත් 500 ත් අතර වියදමක් දැරීමට මැතිවරණ කොමිසමට සිදුව තිබුණා. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයට අදාලව රුපියල් කෝටි 600 ක පමණ මුදල් වැය කිරිමට සිදුවනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
 

More News..