brand logo

මහ මැතිවරණයට දඹාන අදීවාසී නියෝජනයක්

02 July 2020

ඉදිරියේදි පැවැත්වෙන පළාත් සභා සහ මහමැතිවරණ   සඳහා ආදිවාසි නියෝජනයක් සිදුවන බවට ආදිවාසි නායකගෙන් රජයට රතු එළියක් විදේශ සංචාරකයින් ලංකාවට පැමිණිමෙන් කොරෝනා  දෙවැනි රැල්ලක් ඇතිවිය හැකියි. නිකිණි මාසයේ විදේශ  සංචාරකයින් හට රට විවෘත කිරිමේදි සැලකිලිමත්වන්නැයි ආදිවාසි නායකතුමා රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටි. අද දින දඹාන කොටබකිනියේදි ආදිවාසී නායක ඌරුවරිගේ  වන්නියලැ ඇත්තන් විසින් මාධ්‍ය හමුවක්(2020-07-02 ) දින පනත්වන ලදි. එහි දී ඔහු විසින් ඉදිරි පළාත් සභා  මැතිවරණයේ දී ආදි වාසීන් නියෝජනය කරන මැතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඔහුට සුබ  පතන බවත් ඒ පිළිබඳව ඔහු විරෝධයක් නොමැති බවත්  පැවසූ අතර තව දුරටත් ඔහු සඳහන් කරන ලද්දේ ගොඩක් හොඳයි ඇත්තට ම මේ කාලය වන කොට අපේ රට දිහා බැලුවොත් පහුගිය කාලයේ දී අපේ රටේ විතරක් නෙවෙයි ගොඩක් රටවලට පැමිණ තිබුණ මේ කොරෝනා කියන  වසංගතය අද දවස වන විට අපේ රටේ නම් තරමක පාලනයක් කෙරිලා තියෙනවා . හැබැයි ලෝකය දිහා හැරිලා බැලුවම දැන් ආපහු ආරංචියක් තියෙනවා දෙවෙනි වරටත් කොරෝනා කියන ලෙඩ ය ඇවිත් තියෙනවා. ගොඩක් අය මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේ රෝගය වැළඳුන අය  හඳුනාගෙන තියෙනවා කියලා. ඉතින් අපේ රට මේ කාලය වන කොට පිට රටින් එන සංචාරකයන් පැමිණීම නතර කර ගෙන තියෙනවා. හැබැයි රටක් හැටියට මේක හැමදාම  කරන්න බැරි වැඩක් .වෙන රටවල් අය අපේ රට ට එන්නත් ඕන. හැබැයි මේ දෙවෙනි වාරය ටත් කොරෝනා ලෙඩේ  ලෝකෙ පැතිරිලා තියෙන හින්දා අපේ රටේ මට ආරංචිහැටියට ලබන මාසේ විදේශිකයන් ට පැමිණීම සඳහා අපේ රට විවෘත කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තටම  අපේ රටේ ගැටලු ගොඩක් තියෙනවා තමයි. හැබැයි රටට  අමාරුවක් තියෙනවා කියලා ඉක්මනට ම මේ වගේ තීරණ ගත්තොත් දෙවෙනි වාරය කොරෝනා රෝගය අපේ රටටත් ආවොත් දැන් තියනවට වඩා ලොකු කරදරයක් ඇති වෙන්ට ඉඩ තියෙනවා ඉතින් මම හිතන්නේ නිකිණි මාසයේ මේ රට විවෘත කරත් රට වලින් එන විවිධ පුද්ගලයන් ගැන ලොකු අවබෝධයක් තියා ගන්ඩ සිද්ධ වෙනවා. අපේ රටට ඇතුල්  වෙන කොටම .එහෙම නැති වුනොත් පිටරට වලින් එනමිනිස්සු කොළඹට  විතරක් නෙවෙයි එන්නේ අපේ රට වටේ ම ඒ අය ඇවිදිනවා වැදගත් තැන් බලන්න ඒ ගොල්ලෝ යනවා . ඉතින් ඒ යන තැන් වලටත් මේ ලෙඩේ ඉක්මනින් බෝ වෙන්ට ඉඩ තියෙනවා. ඉතින් ඒ ඒ හින්දා මම කියන්නේ අපේ රටට කවුරු හරි පිටරටකින් එනවනං වැඩි අවධානයක්  යොමු කරලා පරීක්ෂණ තියලා හරි එයාලා මේ රටට ආව  ගමන් නිදහස් කරන්නැතිව එයාලා ගැන හොයල බලල මේ ලෙඩේ නෑ කියල තහවුරු කර ගෙන එයාලා නිදහස් කරනවා නම් දෙවෙනි වාරය එන කොරෝනා රෝගයත් අපට පාලනය  කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම මම සතුටු වෙනවා මේ වෙනකොට අපේ රටේ මිය ගිහිල්ලා තියෙන්නෙ තවම එකොලොස් දෙනයි. ඉතින් ඒ  ප්‍රමාණයකින් අපි පාලනය වීම ලෝකය වෙන රටවල් එක  ගත්තම වැදගත් තැනක අපි ඉන්නවා ඉතින් එතැන තියාගන්ඩ දොස්තරවරු රණවිරුවෝ හැමෝම එකතු වෙලා ජීවිත ගැන හිතන්නැතුව මහන්සි වුනා. දැන් ඉතින් මේ වෙලාවේ මම කියන්නේ ඒ කරපු දේ තවදුරටත් ඒ විදියටම  කරගෙන යන්ඩ ඕන කියලා තමයි මේ රටේ නායකයන්ට මම කියන්නේ. ඉතින් ඇත්තටම මං අකමැතිම දේ තමයි මේ දේශපාලනය  ගැන කතා කරන එක හැබැයි එකක් කියන්නේ මේ රට ගැන බැලුවම අපේ මේ ආදී වාසි ගෙන පරම්පරාව ගැන හොයලා බැලුවම මේ රටේ ලොකු ඉතිහාසයක් තියෙන පරම්පරාවක් තමයි අපේ ආදිවාසී පරම්පරාව ඉතින් ඒ ඒ හැම ලොකු කාලයක් පැවතී ගෙන එන පරම්පරාවක් කාලයෙන් කාලයට එන එක එක ආණ්ඩුව ඒ ඒ නායකයෝ අපේ පරම්පරාව ගැන වැඩියෙන් හොයලා බලන්න නැතුව අයින් කරලා දාපු වර්ගයක් එක පරම්පරාවක් හැටියට තමයි අපේ රටේ ආදිවාසී ගෙන පරම්පරාවේ ජීවත් වුණේ. හැබැයි ඉතින් ලෝකයේ දියුණු වෙන්න දියුණු වෙන්න රට දියුණු වෙන්ට දියුණු වෙන්ඩ මිනිසුන්ගේ මොලේ  පෑදෙන්ඩ පෑදෙන්ඩ අපේ ආදිවාසී මිනිස්සුන්ටත් අවශ්‍යතා වෙලා තියෙනවා මේ කාලේ වෙනකොට අපට තියෙන අපේ රටේ ජීවත් වෙන ආදිවාසීන් ට තියෙන ගැටළු ගැන කතා කරන්න තැනක් තියෙන්ඩ ඕන. ඉතින් මම හැම දවසකම  කියන්නේ දැන් ආණ්ඩුවක් ගැන ගත්තම ඒ ඒ ආණ්ඩුව මොනම හෝ අමාත්‍යංශය වගකීම පවරලා තියෙනවා ආදී  වාසි ගැන හොයලා බලන්න හැබැයි මම හිතන්නෑ කොයි  විදිහට මොන මොන අංශ ද දැන් සංස්කෘතික අමාත්‍යාංශයට කතා කරනවා පරිසර අමාත්‍යාංශයට කතා කරනවා. ඉතින් එහෙම අමාත්‍යංශවලට තමයි මේ පැවරුම් කරලා තියෙන්නේ ඉතින් ඒ ඒ පැවරුම් කරලා තියෙන කණ්ඩායම් ඇත්තටම අවංක කණ්ඩායමක් ඉන්නවා. එහෙම නෑ කියලා මම කියන්නේ නෑ. එහෙම ඉන්න කණ්ඩායමක් ඉන්නකං ඒ වැඩ ටික කරයි. ඉතින් අපේ රටේ තියන චාරිත්‍රයක් තමයි කාලෙන් කාලෙට අවුරුදු පහෙන් දහයෙන් ආණ්ඩු වෙනස් වෙනවා ඇමතිවරු වෙනස් වෙනවා හැම එකක් ම වෙනස් වෙනවා .ඉතින් එහෙම වෙන කොට අවංකව වැඩ කරන  ඇමති කෙනෙක් හරිය රජයේ නිලධාරියෙක් අර ඉන්නකං  අපිට හොඳයි ඒ වගේ නැති කෙනෙක් ආව ගමන් ඒවගෙන්  ඇති වෙනවා ඉතින් ඒ ඒ හින්දා දැන් පළවෙනි වාරේ ට අපේ පරම්පරාවෙන් කාන්තාවක් ප්‍රාදේශීය බවට ගිහිල්ලා ඉන්නවා හේනානිගල ගම්මානයේ න් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය  සභාවට. ඉතින් මම හිතනව මම කැමැති නැති වුණත්  අනිත් අපේ තරුණ පරම්පරාවට මේකෙ අවශ්‍යතාව  තියෙනවා. ඉතින් ඉදිරියේදී පළාත් සභා මැතිවරණයටත් යනවා කියන කතාවල් තියෙනවා .ඉතින් මම තාම ඒ උනාට මෙයා යවනවා අරයා යවනවා කියලා මං යෝජනා කරලා  තීරණය කරලා නැහැ .මම ඉතින් තව කොච්චර කල් ජීවත්  වෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි මම ඉන්නකං පළාත් සභා තිබ්බත් පළාත් සභා නොතිබ්බත් ඒ වැඩ ටික මට  කරගන්න පුළුවන්; හැබැයි මගෙන් පස්සෙ පත් වෙන නායකයින්ට හා ජීවත් වන පරම්පරාවල මිනිස්සුන්ට  කොහොම වෙයි ද කියන එක මට හිතාගන්න අමාරුයි. ඉතින් ඒ ඒ හින්දා ඉදිරි කාලය වෙනකොට ඒක මේ අපේ  පරම්පරා විතරක් නෙවේ හැම ජාතියක්ම ඉදිරියට යන පාටක් මේ වෙන කොට තියෙනවා. ලෝකෙ ඉතින් ඒ හින්දා ඉදිරි කාලය වෙන කොට ලෝකයේ අනිත් රටවල් වල වගේම   අපේ රටෙත් ආදිවාසීන් ට ඒ වගේ පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට පාර්ලිමේන්තුවට යන්න ඉඩ ලැබෙයි ඉතින් එහෙම  ඉදිරිපත් වෙන්ට කැමති කෙනෙක් ඉන්නවනම් මම බාධා කරන්නැ එහෙම යන කෙනෙකුට මම මගේ ආශිර්වාදය ලබා දෙනවා . අංජලී පෙරේරා මහියංගණය
 

More News..