brand logo

මහ මැතිවරණයට අදාළ පෙත්සම් විභාගය හෙට දිනයට කල් යයි

19 May 2020

මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (20) පෙරවරු 10.00 ට යළි කැඳවීමට නියමිතව තිබේ. නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබූ අදාළ පෙත්සම් සළකා බැලීම අද (19) දෙවන දිනටත් කැඳවනු ලැබීය. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේය.
 

More News..