brand logo

මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීමට සිංගප්පුරු සහයෝගය නොලැබෙයි

18 March 2019

මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පුරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වගඋත්තරකරු සිටින බව කියන සිංගප්පූරු රජය මේ ගැන මීට වඩා වගකීමක් ගත යුතු බව කී ජනාධිපතිවරයා අඩුම තරමින් එම පුද්ගලයා එරට තුළ සිටින්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් හෝ සිංගප්පූරු රජය කළ යුතු යැයි සඳහන් කළ අතර මහබැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පරීක්‍ෂණ තවමත් කරගෙන යාම ගැන සතුටු විය හැකි වුවත් එහි ප්‍රධාන වගඋත්තරකරු තවම අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබීම ගැන තමන් කණගාටු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් අන්තර් ජාතික වරෙන්තු නිකුත් කර තිබියදීත් සිංගප්පූරු රජය මේ ගැන පසුබෑමක සිටින බව පෙනෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (18) පැවැති උත්සවයේ සහභාගී වෙමිනි.
 

More News..