brand logo

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

26 March 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා යටතට පත් කරන ලදි . ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා ඒවායේ ශාඛා සේම මහ භාණ්ඩාගාරය ද විවෘතව තබන මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී ජයසුන්දර මහතා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට අද ලිඛිතව දැනුම් දෙන ලදි.
 

More News..