brand logo

මහ පරිමානයේ ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවිම පැහැර හරි

04 March 2019

මෙරට තුල මහ පරිමානයේ ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවිම පැහැර ඇති බව පුරවැසි බලයේ සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි. මේ රට තුල බදු ආදායම අඩු විමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මේ රටේ මහ පරිමාණයේ ව්‍යපාරිකයන් රැසක් බදු මුදල් නිසි ලෙස නොගෙවන නිසා බව පුරවැසි බලය සංවිධානයේ කැදවුම් කරු සමන් රත්නප්‍රිය මහතා පැවසිය. සමන් රත්නප්‍රිය මහතා එ බැව් පැවසුවේ සිවිල් සංවිධාන වෘත්තිය සමිති එකමුතුව විසින් හැටන් දික්ඔය නව නගර ශලාවේ කදුරට ජනතාවගේ අයිතින් සුරකින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන මැයෙන් ඊයේ (03) පස්වරු පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි. මේ රට තුල බදු මුදල් ගෙවන මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙදෙහසක් සිටින බවත්, එම ව්‍යපාරිකයන් අතරින් වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බදු මුදල් නොගෙවන බවයි සමන් රත්නප්‍රිය මහතා කියා සිටින්නේ. එම මුදල් අය කර ගැනිමට රට තුල නිසි වැඩ පිලිවෙලක් නොමැති බවත්, මේ රටේ සමාන්‍යය ජනතාව පමණක් බදු මුදල් නිසි ලෙස ගෙවන බවයි සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ. රටේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට බදු මුදල් නිසි ලෙස එකතු කල යුතු බවද සමන් රත්නප්‍රිය මහතා කියා සිටින්නේ මෙම සම්මන්ත්‍රණයට මහචාර්යය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු දේශකයෝ රැසක් සහභාගි විය. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..