brand logo

මහ නා හිමි ආදාහනයට වෙඩිමුර 17ක්

20 November 2020

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙණ් මහ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත නාපන පේමසිරි මහනාහිමිපණන් වහන්සේට ගෞරව පිණිස නිවෙස් ඉදිරිපිට කහ ධජයක් ප්‍රදර්ශන කරන මෙන් එම පාර්ශවයේ ලේඛකාධිකාරී අත්තන්ගනේ ශාසනරතන නාහිමියෝ බෞද්ධ ජනතාව ගෙන් ඉල්ලීමක් කරති. නාපන පේමසිරි මහනාහිමිපණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදහන පූජෝත්සවය හමුදා ආචාර වෙඩිමුර 17 ක් සහිතව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක මහ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී එළඹෙන (22) සිදු කිරීමට නියමිතය. මහනාහිමි ශ්‍රී දේහයට ගෞරව දැක්වීම පිණිස අති විශාල ජනතාවක් හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙණ් මූල මහා විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටින බවත්, කොවිඩ් අවධානමත් සමඟ රටේ ඇතිව තිබෙන අවධානම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය උපදෙස් උපරිම ලෙස ගරුකරමින් අදාහන පූජෝත්සවයේ වැඩකටයුතු සිදුකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සදහන් කළේය. මහනාහිමි ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන බණ්ඩාරනායක ජාතික පාසැල් ක්‍රීඩාංගණයේ රැඳී සිටීමට අවකාශ සලසා තිබෙන්නේ ආසන පනවා තිබෙන ප්‍රමාණයට පමණක් බවත් දුරස්තභාවය පවත්වා ගැනීම පිණිස ආදාහන කමිටුව මෙම තීරණය ගත් බවත් හූරිකඩුව විද්‍යාසාගර මූල මහ විහාරස්ථානයේ සිට වැඩම කරන දේහය පල්ලේකැලේදී යුද හමුදාව විසින් පිළිගෙන බණ්ඩාරනායක ජාතික පාසැල් ක්‍රීඩාංගණය දක්වා වැඩම කරවීමට තීරණය කර තිබෙන බවද ආණුඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවැසිය.. භාරත මෙන්ඩිස්
 

More News..