brand logo

මහ කන්නයේ සිට නොමිලේ පොහොර දෙන්න උත්සාහයක්

30 November 2019

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයේදී ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම අනුව ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දීමට මහ කන්නයේ සිටම ආරම්භ කිරීම සඳහා උත්සාහ කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක පැවසීය. ලබාදුන් පොරොන්දු අනුව මෙවර කන්නයේ සිටම පොහොර නොමිලයේ ගොවීන්ට ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් කළ විමසුමකදී රාජ්‍ය ඇමැතිවරයා එසේ පැවසීය. මේ වන විට මහ කන්නයේ වගාවන් ආරම්භ කර තිබේ. ඇතැම් ප්‍රදේශවල කුඹුරු වපුරා ඇති අතර තවත් ප්‍රදේශවල පැළ ගොයම දක්වා වැඩී ඇත. ඒ අනුව මූලික පොහොර, යූරියා ආදිය කුඹුරුවලට යොදා ඇති නිසා බණ්ඩි පොහොර යොදන කාලයේදී ඒවා නොමිලයේ ගොවීන්ට ලබා දීමට උත්සාහ කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය. ඒ අනුව මේ සතියේදී පොහොර මහ ලේකම් කාර්යාලයේ නිලධාරින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඇමැතිවරයා පැවසීය. චමින්ද සේනාරත්න
 

More News..