brand logo

මහ කන්නයට අවශ්‍ය සියලු පොහොර බෙදාහැර අවසන්

11 January 2020

පොහොර සමාගම්වලට රජය විසින් ගෙවිය යුතු බිලියන විසි තුනක පමණ මුදලක් ගෙවා නොමැති නිසා මහ කන්නයට ආනයනය කළ පොහොර නිසි පරිදි බෙදා නොහරින බවට තොරතුරු වාර්තා වේ. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිට ගෙවිය යුතු මෙම මුදල් නිසි පරිදි නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යූරියා ඇතුළු අනෙකුත් පොහොර මේ වනවිට රටට ආනයනය කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය. මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් පමණ අවශ්‍ය වන අතර, එම තොගය මේ වනවිටත් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදාහැර ඇති බව සඳහන් කළේය. ඒ අනුව පොහොර සමාගම්වලට ගෙවිය යුතු රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් පසුගිය සති අන්තයේදීම ගෙවීමට කටයුතු කළ බව ඇමැතිවරයා පැවසීය. චමින්ද සේනාරත්න
 

More News..