brand logo

මහේෂ් රට වටා රැලි නවත්වයි

26 October 2019

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක රටපුරා පවත්වන ප්‍රචාරක රැලි මාලාව නවත්වා තිබේ. සිය ප්‍රචාරක රැලි සඳහා පාක්ෂිකයන්ගේ සහභාගීත්වය අඩු නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ගම්පහ පැවති ප්‍රථම ප්‍රචාරක රැලියට බලාපොරොත්තු වූ තරම් ජන සහභාගීත්වයක් නොමැති වූ අතර කෑගල්ල රැස්වීමටද ඒ ආකාරයට අඩු ජන සහභාගීත්වයක් තිබූ නිසා සේනානායක මහතා ඊට සහභාගි වී නොමැත. මේ සම්බන්ධයෙන් ජාතික ජනතා පක්ෂයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිය පක්ෂයට මුදල් වැයකර පාක්ෂිකයන් රැලිවලට ගෙන්වා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
 

More News..