මහේල ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි
03 July 2020
මහේල ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි
03 July 2020
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද පෙරවරුවේ පැමිණ තිබේ.
අදාළ ඒකකය විසින් ඊයේ රාත්‍රී නැවත වරක් මහේල ජයවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ අද (03) දින ප්‍රකාශය ලබාදීමට නොපැමිණෙන ලෙසයි.
කෙසේ වෙතත් මහේල ජයවර්ධන මහතා අද පෙරවරු 9.00ට පමණ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල් ජයවර්ධන මහතා කියා සිටියේ......
මට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයෙන් මගේ නීතිඥවරු හරහා දැනුම් දීලා තිබ්බා, අද (02) දිනයේ ප්‍රකාශයක් ලබාදෙන්න කියල.
නැවත ඊයේ (02) රෑ 11.30ට පමණ මට දැනුම් දුන්නා අද (03) දවසේ එන්නේ නැතිව, මට තව දිනයක් දෙන්නම් කියලා.
නමුත් අද (03) උදෑසන මම දැක්කා සමහර මාධ්‍යවල යනවා මම දැනුම් දුන්නා කියලා මම මේ විමර්ශන වලට පෞද්ගලික හේතුන් නිසා එන්නේ නැහැ කියලා.
ඒ නිසා මම හිතුවා යම්කිසි විදිහක සාධාරණයක් කළ යුතුයි කියන එක.
ඉතිං ඒ නිසා තමයි මම අද උදෑසන දැනුම් දීලා මෙතනට ආවේ.
මම එහෙම කොයිම වෙලාවකදීවත් කිව්වේ නැහැ.
මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. ගරු කරන කෙනෙක්.