brand logo

මහේලගේ මුම්බායි පිල 5වන වරටත් IPL කුසලානය ජයගනී

10 November 2020

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අවසන් මහා තරගය කඩුළු 5කින් ජය ගැනීමට මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සදහා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 156ක් රැස්කර ගැනීමට සමත් විය. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක ශ්‍රීයාස් අයියර් නොදැවී ලකුණු 65ක් ලබාගත් අතර, ඊට දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ. ඔහුට අමතරව කණ්ඩායමේ කඩුළු රකින්නා වන රිෂාබ් පෑන්ට් ලකුණු 56ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ලකුණු 68ක් රැස්කර ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ද සමගිනි. මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 18යි පන්දු හතරකදී කඩුළු 5ක් දැවී ලකුණු 157ක් ලබාගනිමින් පස්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලානය ජයගැනීමට වාසනාවන්ත විය.
 

More News..