brand logo

Update : මහින්දගේ පෙත්සම සලකා බැලීම විනාඩි 15කට කල්තබයි

14 December 2018

අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනුකල අභියායචනය පිලිබඳ විභාග කිරීම මිනිත්තු 15කට කල්තැබෙයි    

මහින්ද රාජපක්ෂගේ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්න තීරණය කරයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ අභියාචනය පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස කළ මෝසම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තීන්දු කර තිබෙනවා. එය මේ වන විට ආරම්භ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ---------------------------------------------------------------------------------------------------------------------------------------

මහින්ද රාජපක්ෂගේ අභියාචනය සලකා බැලීම ඇරඹෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේත්, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම ධූරවලත් කටයුතු කිරීම වැළැක් වූ අභියාචනාධිකරණ අතුරු තහනමට එරෙහි පෙත්සම සළකා බැලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ---------------------------------------------------------------------------------------------------------------------------------------

මහින්ද රාජපක්ෂගේ අභියාචනය සලකා බැලීම අද

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම ධූරවල කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් ගොනු කළ අභියාචනය අද සළකා බැලීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වලක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කෙරූ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගයට ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණා. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් අභියාචනයක් ඉදිරිපත් වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 12 වැනිදා එය කැඳවා තිබුණා. ඒ අනුව අභියාචනය අද (14) සලකා බැලීමට නියමිතව තිබෙනවා.
 

More News..