brand logo

මහින්ද රවිට කතා කරයි

23 February 2022

රවි මහින්දගේ ආරාධනාව පිළිගනී

19 වැනිදා එක්සත් ජාතික පක්ෂෙයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායකගේ උපන්දිනේ යෙදී තිබුණි. එදින රවි සිටියේ හබරණ නිවාඩුවක් ගත කරමිනි. රවිට පළමු උපන්දින සුබ පැතුම ලැබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙනි. උපන්දිනයට සුබ පැතූ මහින්ද රවිගේ හා පවුලේ අයගේ සුව දුක් විමසා ඇත. තවත් දේශපාලන කරුණු කාරණා රාශියක් සාකච්ඡා කර ඇති මහින්ද දුරකතනය විසන්ධි කිරීමට පෙර රවිට ආරාධනයක් කළේය.

ඒ හබරණ සිට පැමිණි විගස පැමිණ මහින්ද මුණ ගැහෙන ලෙසයි. මහින්දට පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ රවිට සුබ පතා ඇත. කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාලද සිල්වා, නිමල් ලන්සා, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන ඇමැතිවරුන්ද රවිට උපන් දිනය දා දුරකතනයෙන් කතා කර සුබ පතා ඇත.

දින 6ක නිවාඩුව හිදිසියේ නිමා කර රවිට කොළඹ පැමිණීමට සිදු විය. කකුලේ විෂබීජයක් ආසාදනය වීම ඊට හේතුවයි. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී. උපන් දිනය වෙනුවෙන් උතුරු කොළඹ නාගරික මන්ත්‍රිවරුන් 22 දා කොටහේනේ පරමානන්ද විහාරයේ බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණි. නමුත් රෝගී තත්ත්වය හේතුවෙන් රවි ට ඊට සහභාගී වීමට නොහැකි වූ අතර රවි වෙනුවෙන් ඔහුගේ වැඩිමහලු දියණිය වන ඔනෙලා පින් කමට සහභාගී වී ඇත. කෙසේ වෙතත් උපන් දිනය දා රවිට අගමැතිවරයා කළ ආරාධනාව නම් රවිට අමතක වී නැති බව ආරංචි මාර්ග කියයි. හබරණ සිට පැමිණි විගස අගමැතිවරයා මුණ ගැසීමට බැරි වුණත් රෝහලෙන් නික්ම ගිය විගස රවි කරුණානයක අගමැතිවරයා බැහැ දකිනු ඇතැයි එකී ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.
 

More News..