brand logo

මහින්ද පතිරණ පෝස්ටුව එඩිට් කරයි

09 November 2020

පුවත් පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ අද(09) තමන්ගේ මූනුපොතේ අරුණ පුවත්පතේ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් පල කර ඇති පෝස්ටුව මේ වන විට වඩ වඩාත් සමාජ මාධ්‍යතුළ දැඩි කතා බහට ලක් වී ඇත. ඒ ඔහු ජනගත කිරීමට උත්සහා ගත් අසත්‍යය එලි දරවු කරමින් අප ලියූ සටහනට පාදක කරගත් ඔහුගේ මූනුපොතේ පෝස්ටුව ඔහු සංස්කරණය කර තිබීම හේතුවෙනි. මහින්ද පතිරණ මුලින්ම දමා තිබී ඇති පෝස්ටුව මහින්ද පතිරන සංස්කරනය කර තිබුණු පෝස්ටුව ( මේ සටහන ලියන විටත් ඔහුගේ මූනු පොතේ ඇත්තේ මේ පෝස්ටුවයි)   සංස්කරණය කළ පෝසටුවේ ‘‘එහෙනම් ලංකාවේ හැමෝම කන කර තියලා කෝටිය බැගින් අරගෙන තව පිටරටවල්වලිනුත් ඇවිත් ලංකාවේ බැංකුවල තමන්ගේ කනකර උගස් කරලා.‘‘ කියන කොටස ඉවත් කර ඇත. මීට හේතුව වී ඇත්තේ ඔහු බරපතල ලෙස වරද්දා ගත් තැන මෙතැන වීමය. සැබවින්ම අප මහින්ද සංස්කරනය නොකළ පෝස්ටුව දුටුවේ අප වෙබ් අඩවියේ පල කළ පුවතේ දෝශයක් විදහා පෑමට උත්සහා දරමින් එක්තරා වෙබ් අඩවියක් පල කළ සටහනකිනි. ඒ සම්බන්ධයෙන් අප එම වෙබ් අඩවියට සතූතිවන්ත වෙමු. එම වෙබ් අඩවිය හා තවත් නොයෙක් හිතවතුන් අරුණ මිලියන, බිලියන හා කෝටි පටලවාගෙන ඇති බවට අප සමච්චලයට ලක් කිරීමට උත්සහා කළද අප මෙහිදී මූලික තර්කය ලෙස ගොඩ නගා ඇත්තේ මහින්ද පතිරණ මෙම සංඛ්‍යාව රටේ ජනගහනය හා සසඳමින් මවා පෑමට ගිය මිත්‍යාව හුවා දැක්වීමයි. ඒ බව ‘‘මහින්ද පතිරණගේ විශ්ෂ්ඨ අංක ගණිතමය ඥානයෙන් බිලියන කෝටිවලට පරිවර්ථන කරමින් එය රටේ ජනගහනය හා සසදා බරපතල සාවද්‍ය මතයක් ජනගත කිරීමට දැරූ උත්සහාය .....‘‘ යන්නෙන මැනවින් ලියා දක්වා ඇත. පසුව සංස්කරණය කළ පෝස්ටුවකින් වුවද මහින්ද ගේ මූලික අභිප්‍රාය වටහා ගැනීමට අපට හැකි වුවත් එම පෝස්ටුව පැහැදිලිවම හුවා දක්වමින් ඒ පාදක කරගෙන අප මතුකරන මූලික තර්කය නිවැරදිව වටහා ගැනීමට නොහැකිවූ, හඳ පෙන්වන විට ඇගිල්ල දිහා බලා සිටින කුහක මන්දබුද්ධිකයන්ට අපේ ආර්ථික සහ දේශපාලන විශ්ලේෂණ වටහා ගත නොහැකි වීම අපට වේදනා කාරී නොවේ මන්ද වසර ගණනාවක් මුලුල්ලේ අප කෙරෙහි විශ්වාසයෙන් අප හා එක්ව සිටින අප ආදරණීය ප්‍රේක්ෂක හා පාටක ජනතාවට එවැනි අහේනියක් නොමැති බව අප ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නා බැවිනි.

සබැදි පුවත 

https://bit.ly/2IjLq6a    
 

More News..