brand logo

මහින්ද නිදහස් උත්සවයට එනවද නැද්ද තිරණයක් නැහැ

30 January 2019

පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට මේ බව දැනුම්දී තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා නිදහස් උත්සවයට සහභාගි නොවන බවට ඔහුගේ පාර්ශ්වයසිදුකළ දැනුම්දීම පිළිගන්නා බවත්,රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ බවට පැවසෙන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කමල් පද්මසිරි මහතා පවසන අතර විපක්ෂනයකවරයාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගිවන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ආරාධනයක් ලැබී තිබෙන බවත්,එම උත්සවයට සහභාගිවනවාද නැද්ද යන්න සම්බන්ධව විපක්ෂනායකවරයා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවය.
 

More News..