brand logo

මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

30 September 2020

මහා පරිසර විනාශයක් සිදු වන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව පරිසර කැබිනට් ඇමති මහින්ද අමරවීර මහතා බව පවසයි. මේ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සොයා බැලූ බවත්, මෙයින් වැඩි ප්‍රමාණයක් අසත්‍ය ප්‍රචාරයන් බවත්, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය. "පසුගිය දින කීපය පුරාම මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය ජාලා මගින් රජයේ රක්ෂිත විනාශ වන බවත්, පරිසරයට විශාල හානියක් වන බවත් ඒ වගේම කැලෑ විනාශය සිදු කරබවත් ප්‍රකාශ කරන්න පටන් අරගෙන තියෙනවා. මේ පිළිබදව සොයා බැලීමේදී අපට වාර්තා වන්නේ විපක්ෂය සැළසුම් සහගතව රජය අපකීර්තියට පත් කිරීම සදහා මෙවැනි ප්‍රචාර යොදා ගෙන ඇති බවත්. අපි දැනටමත් මේ පිළිබදව සම්පූර්ණ සොයා බැලීමක් සිදුකරනවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ පිළිබදව නිවේදන නිකුත් කර තියෙනවා. සම්පූර්ණයෙන්ම මේ පිළිබදව සොයා බැලීමක් සිදු කරනවා. ඒ වගේම විපක්ෂ නායකවරයා වතාවක් ප්‍රකාශ කර තිබුණා විශාල පරිසර හානියක්, කැලෑ හානික් සිද්ධවෙනවා කියලා. මම එතුමාට ආරාධනා කලා එන්න ඔ්නෑම විවාදයක් වුවත් මම ඔප්පු කරලා පෙන්නනවා මේ කාලය ඇතුළත එහෙම සිද්ධීන් ඇති වුනේ නැති බව. ඒ වගේම මෑත කාලයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමන් රුවන් විජේවර්ධන මැතිතුමාත් ප්‍රකාශ කළා අක්කර 07ක් කැලෑ එළිපෙහෙලි කරන බවත් මාධ්‍යවල සටහන් වෙලා තිබුණා. ඒක සම්පූර්ණ අසත්‍යක් මේකත් සම්පූර්ණයෙන් රජය අපකීර්තියට පත් කිරීම සදහා සැළසුම් සහගතව ක්‍රියාත්මක කරන තවත් එක් අදියරක් කියලා තමයි සදහන් කරන්න වෙන්නේ. මම එතුමටත් ආරාධනා කරනවා මම තනියෙන් එන්නම් අවශ්‍ය නම් ඔ්නෑම කෙනෙක් එක්ක එන්න. එහෙම පරිසර විනාශයක් සිද්ධ වෙලා නෑ. ඉතාමත් සුළු සිද්ධීන් කීපයක් වෙලා තියෙනවා. ඒ සියල්ලමට අදාළව සියලු දෙනා අත්අඩංගුවට අරන් තියෙනවා නඩු පවරලා තියෙනවා. රජයේ දේශපාලනයෙකුත් ඉන්නවා, විරුද්ධ පක්ෂයේ දේශපාාලනඥයෙකුත් ඉන්නවා. මොන තරා තිරමක පුද්ගලයෙක් වුනත් මේ වන සංහාරයට සූදානම් වෙනවා නම් පරිසරයට හානියක් වනවා නම් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ඉතා වගකීමෙන් කියනවා. ඒ සදහා අවශ්‍ය සහයෝගය උපදෙස් අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් ඇතුලු කැබිනට් මණ්ඩලය ලබාදී තියෙනවා. ඒ නිසා කිසිදු පරිසර හානියක් වන්නට අප ඉඩ තියන්නේ නෑ කියලා මම මේ අවස්ථාවේදී කියා සිටිනවා. ඒ වගේම පරිසර විනාශයක් පිළිබදව මේ වන විට දේශපාලනයට සම්බන්ධ දෙදෙ‌නෙක් සම්බන්ධ වූ බවට අපට තොරතුරු ලැබී තියෙනවා. ආනවිලුන්දාවේ හෙක්ටයාරයකට අඩු ප්‍රමාණයක් හානිකළ ප්‍රාදේශීය දේශපාලනයන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන නඩු පවරා තියෙනවා. ඒ වගේම හන්තානෙ විරුද්ධ පක්ෂෙට සම්බන්ධ දේශපාලනඥයාගේ අයට මේ වන විට නඩු පවරලා තියෙනවා. ඒ වගේම ඒ සියලු දෙනාටම නඩු පවරලා තිබියදීත් මොනම දේශපාලනයක් හෝ වෙන කිසිදු බලයක් යොදාගෙන මෙරටේ පරිසර පද්ධතියට හානියක් වීමට ඉඩ දෙන්නේ නැතැයි කියන එක ස්ථීර වශයෙන්ම පරිසර අමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කරනවා."
 

More News..