brand logo

මහින්දානන්ද සිය ධූරයේ වැඩ අරඹයි

14 August 2020

නව රජයේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (14 ) ඇරඹීය. මහාසංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සුභ මොහතින් නිල ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය. අමාත්‍යවරයාගේ දියණිය , පුතණුවන් ඇතුළු පවුලේ ඥාතීන් ද රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, අනුරාධ ජයරත්න ,ඩී.බී. හේරත් යන මහත්වරු ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 

More News..