brand logo

මහින්දානන්දගේ ලෝක කුසලාන පාවාදීමේ කථාව ඇවිළෙයි?

19 June 2020

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සිදු වූ බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ. අදාළ පාවාදීම සිදු වූයේ නැතිනම් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා ගැනීමට අවස්ථාවක් පැවැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටී. නමුත් රටක් හැටියට තමන් එය එළි කිරීමට කැමැති නැති බව ඔහුගේ අදහසයි. ‘මම වගකීමෙන් කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම කියනවා ඒක පාවාදීමක් කියලා. රටක් හැටියට මම ඒක එළි කරන්න කැමැති නැහැ. මට ඒ පිළිබඳ විවාදයක් වුණත් කරන්න පුළුවන්. මම ඒකට ක්‍රීඩකයින් සම්බන්ධකර ගන්නේ නැහැ. හැබැයි යම්කිසි පාර්ශ්වයක් විසින් මේකට සම්බන්ධවෙලා කටයුතු කළා’ යනුවෙන් ඔහු කියා සිටී. 2011 අප්‍රේල් 2 වැනිදා පැවැති අදාළ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 274ක ඉලක්කය හඹාගිය ඉන්දියාව පන්දුවාර 48.2කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 277ක් සමගින් අදාළ ජය සපුරා ගැණින. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන මහේල ජයවර්ධන ‘මැතිවරණ පැවැත්වෙන සමයක සර්කස් ආරම්භ වී ඇති බවක් පෙනේ. නම් සහ සාක්ෂි තිබේද?’ යනුවෙන් ප්‍රශ්නකර තිබේ. මීට අමරතව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දී තිබෙන 2011 ලෝක කුසලානයේ නායකයා වූ කුමාර සංගක්කාර ට්විටර් පණිවුඩයක් තබමින්, ‘ඔහු සිය සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා දූෂණ විරෝධී හා ආරක්ෂක ඒකකය වෙත ගෙන යා යුතුය’ යනුවෙන් සඳහන්කර සිටී.  
 

More News..