brand logo

මහින්දානන්දගේ නඩුව ජුනි 13ට කල් යයි

14 February 2019

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 13 වනදා දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද(14) නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පාර්ලිමේන්තු ලංකා බැංකු ශාඛාවේ පවතින ගිණුමට අදාළව එම බැංකුවේ නිලධාරියෙකු විසින් සාක්ෂි ලබා දුන් බව වාර්තා වෙයි. විත්තියේ හරස් ප්‍රශ්න විමසීම ජුනි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කර ඇත. ඔහු ලැබූ චෝදනාවන් වන්නේ ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව තිබේ.
 

More News..