brand logo

මහින්දානන්දගේ කතාවට සුදුසු කාලය මෙය නොවේ

22 June 2020

තරග පාවාදීමේ සත්‍යතාව කුමක් වුවත් එය ප්‍රකාශ කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. රත්නපුර සමන් දේවාලයේ ආශීර්වාද පූජාවකට සහභාගි වූ අවස්ථවේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ‘මම ක්‍රීඩා ඇමැති වෙලා ඉන්නකොට තමයි ලෝක කුසලානේ දිනුවේ. ඊට පස්සේ ආයෙත් ගන්න බැරිවුණා. මගේ කාලයේ තමයි ඔලිම්පික් පදක්කමක් ලබා ගත්තේ. එයත් නැවත ගන්න බැරි වුණා. ආසියානු වාර්තා 7ක් එක්ක වෙඩි තැබීමේ ශූරයන් හිටියේ මගේ කාලයේ. නමුත් 2011 ක්‍රිකට් තරග පාවාදීම ගැන මම මුකුත් දන්නේ නෑ. කොහොම වුනත් මහින්දානන්ද මොකක් හරි දෙයක් කියන්නේ වගකීමෙන්. එත් ඒ දේ කියන්න මේක සුදුසු කාලයක් නෙමෙයි කියලයි මම හිතන්නේ’ යි පැවසීය. සිතාර ඉරාජ්- වටවල
 

More News..