brand logo

මහින්දලාගේ ලැයිස්තු පිරිලා - තුනෙන් දෙකක් නම් ගන්න බැහැ

24 February 2020

ඡන්දයේ ගෞරවය ආරක්ෂා කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිවාදි සියලු කණ්ඩායම් නියෝජනය කරන්නේ චංචා දුෂණවලට සම්බන්ධවුවන් බවයි. ඉදිරි මහ මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතා පාර්ශවයට කිසිවිටක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගත නොහැකි බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්වීම තුල මහින්ද රාජපක්ෂ මහතාගේ නාමයෝජනා ලැයිස්තුව තුල ඉඩක් නොමැති වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂය තුල ද අර්බුද රැසක් නිර්මාණය වී ඇති බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
 

More News..