brand logo

මහින්දට නිදහස් පක්ෂයෙන් කොළඹින් එන්නැයි ආරාධනා

18 January 2020

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය ලබාදෙමින් මැතිවරණයට ඉදිරිපත්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශක්තිමත් නායකත්වයක් නොමැති වීම මීට හේතුව බව ආසන සංවිධායකවරු පෙන්වා දෙති. මෙම යෝජනාවට අමාත්‍ය මහින්ද අමරවීර මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි. උදයජීව ඒකනායක
 

More News..