brand logo

මහින්දට ඉවත් නොවන්නයි බලපෑම්

03 April 2022

කැබිනට් ඇමතිවරු වෙනත් යෝජනාවක් ගෙනෙයි 

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්වීමට තීන්දු කිරීමත් සමග ඔහු සමග කටයුතු කල කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන් ඔහුට ඉවත් නොවන ලෙස බලපෑම් කර ඇත. ඔවුන් පවසන්නේ අගමැතිවරයා ඉවත් නොවී තමන් කැබිනට් අමාත්‍යදුර වලින් ඉවත් වන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන පරිදි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දුරයෙන් ඉවත් වීමට තීන්දු කර ඇත්තේ අලුතින් පත් වන කැබිනට් මණ්ඩලයේදී බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ සෂින්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට තනතුරු ලබා නොදීමේ අරමුනෙනි.
 

More News..