brand logo

මහින්දගේ මැදිහත් වීමෙන් අඛණ්ඩව විදුලිය

03 February 2020

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තේය. ඒ අනුව කෙරවළපිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇණ හිටියේය. එසේ උද්ගත වූ තත්ත්වය මත දිනකට පැය දෙකක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේය. එහෙත් මේ සම්බන්ධව වහාම මැදිහත් වුනු ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාට උපදෙස් දුන්නේය. ඒ අනුව නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය විසින් හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලි බලය පැය දෙකකින් කපා හැරීම අත්හිටුවීමට තිරණය කරන ලදී. මාධ්‍ය ඒකකය ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
 

More News..