brand logo

Update : මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු තහනම් නියෝගයක්

03 December 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත් වෙනවා. -------------------------------------------------------------------------------------------------------------------------------

මහින්දගේ අග්‍රාමාත්‍ය ධූරයට එරෙහි පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? තීන්දුව සවස 3ට

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර සියලු කරුණු දැක්වීම අවසන් කරමින් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද පිළිබද තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළා. ඒ අනුව එම වේලාවේදී පෙත්සම විභාගයට ගන්නේ ද නැතිනම් නොගන්නේ ද යන්න පිළිබද තීන්දුව අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරනු ඇති. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.
 

More News..