brand logo

මහින්දගෙන් ප්‍රසන්නට ආ කෝල් එක

16 May 2019

13 වන දින දිවයිනේ මහජනතාව ගැවසෙන ස්ථාන කීපයකට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ තොරතුරක් වාර්තා වී තිබීම නිසා රටම සිටියේ අවධානයෙනි. ඉරිදා රාත්‍රියේ හලාවත, නයිනමඩම, බිංගිරිය, වැනි ප්‍රදේශවල විවිධ සිද්දීන් වාර්තා වී තිබිණි. සදුදා දිවයිනේ විවිධ ස්ථාන වලින් සිදුවීම් වාර්තා වූ අතර මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට පිටතින් පැමිණි පිරිසක් පහර දීමත් සමග මිනුවන්ගොඩ නගරයද නොසන්සුන් විය. මෙම ප්‍රහාරය පිළිබදව තොරතුරු වාර්තා වීමත් සමග මහින්ද වහාම දුරකථන ඇමතුමක් ගෙන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගෙන් එහි තත්වය විමසුවේය. ප්‍රසන්න ඒ වන විට සිටියේ විදේශගතවය. එහෙත් මිනුවන්ගොඩ නගරයට එල්ලවූ ප්‍රහාරය පිළිබදව ඒ වන විටත් ප්‍රසන්න දැනුවත්ව සිටියේය ඒ මිනුවන්ගොඩ ඔහුගේ අධාරකරුවන් හා හිතවතුන් මාර්ගයෙනි. " සර් මුලින්ම පිටින් ආපු කණ්ඩායමක් කඩ දෙකකට ගහළා ගිහින්.. පස්සේ තවත් කණ්ඩායමක් ඇවිත් ටවුන් එකේ මුස්ලිම් කඩ ඔක්කොටම ගහලා..සිංහල කඩ දෙකතුනකටත් අලාභ හානි වෙලා.." ප්‍රසන්න මහින්දට කීවේය. මහින්ද ප්‍රසන්න ට අදාල අංශ දැනුවත් කරන්නැයි උපදෙස් දුන්නේය.
 

More News..