brand logo

මහා පරිමාණ වාහන සොරකමක සුලමුල හෙළිවෙයි

30 May 2021

  මහා පරිමාණ රථ වාහන සොරකම් කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු රත්නපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රත්නපුර පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අනුව ත්‍රීරෝද රථ 25ක්, කැබ්රථ 02ක්, ට්‍රක් රථ 2ක් , කුඩා ලොරි රථ 04ක් සහ යතුරු පැදි 5ක් ඇතුලු වාහන රැසක් සොයාගැනීමට පොලීසිය සමත්වී ඇත. තවදුරටත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.  
 

More News..