brand logo

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක අභාවප්‍රාප්ත වෙයි

11 August 2020

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී  මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා  අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට පිළිකා රෝගයකින් පෙළුනු ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය. ධම්මික ගංගානාත් දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ඒ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය. පුවත්පත් කලාවට ද අතිශය කැමැත්තක් දැක්වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පුවත්පත් කිහිපයකම තීරු ලිපි වලට තම පෑනෙන් ලියූ අතර, පැණිවළලු නම් තීරු ලිපිය මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්විය. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.
 

More News..