brand logo

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

02 September 2019

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. සිය නිවසේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ෆොන්සේකා මහතා මියගොස් ඇති අතර 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්‍රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි. ඒ මහතා මිය යන විට 86 වැනි වියෙහි පසුවිය.
Update : 8.35 pm අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ඔහුගේ අවසන් කැමැත්ත අනුව රාගම වෛද්‍ය පීඨයට භාරදී තිබේ.  
 

More News..